ත්‍රස්තවාදයට එරෙහි ව පාකිස්තානය අලුත් සටනක් අරඹයි

අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පකිස්තානයේ පැවති ඉහළ පෙළේ රැස්වීමක දී Azm-e-Istehkam මෙහෙයුමට කොළ එළියක් ලබා දී තිබෙනවා.

ඒ අනුව අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ තර්ජන විස්තීර්ණ හා තීරණාත්මක ආකාරයකින් සටන් කිරීමට නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා ක්‍රියාමාර්ග ගැනෙනු ඇති.

Azm-e-Istehkam මෙහෙයුම යනු 2024 ජුනි මාසයේ දී පකිස්ථාන රජය විසින් දියත් කරන ලද අන්තවාදී ක්‍රියාකාරකම් මර්දන මෙහෙයුමක්.

මෙම මෙහෙයුමට මිලිටරි ක්‍රියාමාර්ග පමණක් නොව, අන්තවාදය වැලැක්වීම සඳහා සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ ද ඇතුළත්.

කෙසේ වෙතත් මෙහි අරමුණ පාකිස්තානයේ වෙසෙන චීන පුරවැසියන්ට සහ චීන සංවර්ධන ව්‍යාපෘතිවලට පසුගිය කාලයේ එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින චීනයට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දීම බව ඉස්ලාමාබාද් හි ඉහළ පෙළේ මූලාශ්‍ර පවසනවා.

මේ වසරේ පළමු භාගයේ ත්‍රස්තවාදය හා සම්බන්ධ ජීවිත හානි තුන්සියයක් වාර්තා වී තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාර වැඩිවීම සම්බන්ධයෙන් ගැන ඉස්ලාමාබාද් චෝදනා කරන්නේ අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ සිය කඳවුරු ඇති බව පැවසෙන Tehrik-e-Taliban සංවිධානයටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21