LPL අවසන් පූර්ව වටයට අවසන් අසුන වෙන් කරගන්නේ කවුද ? – තීරණය අද

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග අදින් (16) අවසන් වනවා.

ඒ අද පස්වරු 7ට කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී කොළොම්බු ස්ට්‍රයිකර්ස් සහ දඹුල්ල සික්සර්ස් අතර පැවැත්වෙන තරගයත් සමගයි.

මූලික වටයේ තරග ගොන්නට එක් කණ්ඩායමක් තරග 08ක් ක්‍රීඩා කළ යුතු වනවා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තමන් මුහුණ දුන් තරග 08න් 05ක් ජය ගනිමින් ලකුණු 10ක් හිමි කරගනිමින් ගෝල් මාර්වලස් පළමු තැනත්; දෙවැනි තැන ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමත් පසුවනවා.

තෙවැනි තැන සහ පස්වැනි තැන පසුවන්නේ පිළිවෙළින් කොළොම්බු කණ්ඩායම සහ දඹුලු කණ්ඩායමයි.

මෙම කණ්ඩායම් දෙකම මේ වනවිට තරග 07 බැගින් ක්‍රීඩා කර ඇති අතර පිළිවෙළින් තරග 04ක් සහ 02ක බැගින් ඔවුන් ජයග්‍රහණය කර තිබෙනවා.

අද ජයග්‍රාහී කණ්ඩායම කවරෙකු වුව ද, අවසන් පූර්ව වටයට යාමට කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබන අතර මේ වනවිටත් කණ්ඩායම් දෙකක් (ගෝල් මාර්වලස් සහ ජැෆ්නා කින්ග්ස්) වේලාසනින් ම ඊට සුදුසුකම් ලබා අවසන්.

ඒ අනුව අද තරගය දඹුලු කණ්ඩායමට අතිශය වැදගත් වන අතර; ඔවුන් කොළොම්බු කණ්ඩායම පරාජයට පත් කරන්නේ නම්; එය දැවැන්ත සාමාන්‍ය අගයක් රඳවා තබා ගනිමින් සිදු කළ යුතු වනවා.

එසේ නැතහොත් මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවතට විසි වන පළමු කණ්ඩායම වීමෙ අවස්ථාව දඹුල්ලට හිමි වනු ඇති.

හදිසියේ හෝ දඹුල්ල කණ්ඩායම දැවැන්ත ලකුණු පරාසයකින් කොළඹ කණ්ඩායම පරාජයට පත් කළහොත් මේ වනවිට ප්‍රසාද ලැයිස්තුවේ සිව්වැනි තැන සිටින කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමාට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?