ගාල්ලෙන් කොළඹට ජයග්‍රහණයට ලකුණු 139ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගයේ මේ වනවිට (15) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීමට ගෝල් මාවර්ලස් කණ්ඩායමෙන් ලකුණු 139ක ඉලක්කයක් කොළොම්බු ස්ට්‍රයිකර්ස් වෙත හිමිවුණා.

දෙපිළ අතර තරගය පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළොම්බු නායක තිසර පෙරේරා පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව ගාලු කණ්ඩායම පිතිකරණයට පිටියට පිවිසි අතර ඔවුන්ට ප්‍රවේගකාරී ඉනිමකට අවතීර්ණ වීමට කොළොම්බු කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

Tim Seifert ලකුණු 44ක් ද භානුක රාජපක්ෂ ලකුණු 35ක් ද ලබා ගත්තා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක ලකුණු අතරට පිවිසීමට ඉඩකඩක් ලැබුණේ නැහැ.

කඩුලු බිඳ දැමීමේ දී මතීෂ පතිරණ කඩුලු 04ක් බිඳ හෙලුවේ ලකුණු 20ක් පමණක් ලබාදෙමින්.

දුනිත් සහ ශඩබ් ඛාන් කඩුලු 02ක් බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් බිනුරට සහ ඉසිත විජේසුන්දරට හිමිවුණා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ සියල්ලන් ම දැවී ගෝල් මාර්වලස් කණ්ඩායම ලකුණු 138ක් ලබාගත්තා.

මේ වනවිට ගෝල් මාවර්ලස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තරග 07කට ක්‍රීඩා කරමින් ඉන් 05ක් ජයග්‍රහණය කර පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

කොළොම්බු කණ්ඩායම රැඳී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?