ගාල්ලෙන් කොළඹට ජයග්‍රහණයට ලකුණු 139ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගයේ මේ වනවිට (15) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීමට ගෝල් මාවර්ලස් කණ්ඩායමෙන් ලකුණු 139ක ඉලක්කයක් කොළොම්බු ස්ට්‍රයිකර්ස් වෙත හිමිවුණා.

දෙපිළ අතර තරගය පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළොම්බු නායක තිසර පෙරේරා පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව ගාලු කණ්ඩායම පිතිකරණයට පිටියට පිවිසි අතර ඔවුන්ට ප්‍රවේගකාරී ඉනිමකට අවතීර්ණ වීමට කොළොම්බු කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

Tim Seifert ලකුණු 44ක් ද භානුක රාජපක්ෂ ලකුණු 35ක් ද ලබා ගත්තා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක ලකුණු අතරට පිවිසීමට ඉඩකඩක් ලැබුණේ නැහැ.

කඩුලු බිඳ දැමීමේ දී මතීෂ පතිරණ කඩුලු 04ක් බිඳ හෙලුවේ ලකුණු 20ක් පමණක් ලබාදෙමින්.

දුනිත් සහ ශඩබ් ඛාන් කඩුලු 02ක් බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් බිනුරට සහ ඉසිත විජේසුන්දරට හිමිවුණා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ සියල්ලන් ම දැවී ගෝල් මාර්වලස් කණ්ඩායම ලකුණු 138ක් ලබාගත්තා.

මේ වනවිට ගෝල් මාවර්ලස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තරග 07කට ක්‍රීඩා කරමින් ඉන් 05ක් ජයග්‍රහණය කර පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

කොළොම්බු කණ්ඩායම රැඳී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39