විභාග වෙමින් පවතින නඩුවක විත්තිකරු නිදොස් කොට නිදහස් කළ හිටපු අධිකරණ සේවකයා මාට්ටු

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබාදී , රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචනිකව ලබාගත් හිටපු අධිකරණ සේවකයෙක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කලක් වැලිසර අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කරමින් සිටිය දී මෙවැනි වැරදි වංචා සිදුකර රැකියාව අහිමි වී සිරගතව සිට ඇති අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ තෝල්ක මුදියන්සේ ලෙස හදුන්වා දෙමින් , වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පවරා තිබූ නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත්කර ගැනීම සඳහා මෙම කූඨ ලෙස සකස්කළ නඩු වාර්තාව ලබා දී  මෙම මුදල වංචනිකව ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව තම ගුවන් ගමන් තහනම ඉවත් වී නොතිබීම පිළිබඳව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මුණගැසී සොයාබලා තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයාට ලබා දී තිබූ නඩු වාර්තාව කූඨ ලෙස සකස්කර ඊට මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස යොදා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව මෙම ව්‍යාජ නඩු වාර්තාව සකසා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර ඔහු පොලිසිය මඟ හරිමින් සැඟව සිට තිබෙනවා.

එලෙස තම බිරිඳ සමඟ වත්තල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටිය දී මෙම සැකකරු ඊයේ (14) අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් එම නිවාස සංකීර්ණය ද අතහැර වෙනත් ස්ථානයකට පළා යාමට සූදානම්ව සිටි බවයි කරුණු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ ඔහුගේ බිරිඳ අද (14) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23