පන්සලක් කඩා හිමිනමක්, මිලකළ නොහැකි සැතපෙන බුදුපිළිමයක් ගල් කරලා

විහාරස්ථානයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සොරාගත් හිමිනමක් ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා රඹුක්කන, පුවක්මොටේ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් බිඳ එහි තිබූ මිලකළ නොහැකි සැතපෙන බුදුපිළිමයක් සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රඹුක්කන පොලිසිය ලද තොරතුරකට අනුව ඊයේ (12) දිනයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනුණු හිමිනම යටගම ප්‍රදේශයේ විහාරස්ථානය වැඩ විසූ හිමිනමක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරුවන් දෙදෙනා 24 සහ 44 යන වයස්වල පසුවන යටගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මොවුන් විසින් සොරාගත් මිලකළ නොහැකි සැතපෙන බුදුපිළිමය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41