AFC Banner
Empty Ad
Empty Ad

ජාතික පුස්තකාලය ගිනි ගනියි

Update – අද (10) පෙරවරු 10.30ට පමණ හදිසි ගිනි ගැනීමකට ලක් වූ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා දෙපාර්තමේන්තුවේ ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ගින්නක් පෙනෙන්න නොමැති බවත්; එහෙත් ගිනි ගැනීමට ලක් ව ඇතැයි පැවසෙන ස්ථානයෙන් විශාල දුමක් වහනය වන බවයි.

කෙසේවෙතත් ගින්න නිවීමට මේ වනවිට ගිනි නිවීමේ රථ 03ක් සහ නිලධාරීන් 13 දෙනෙකු කොළඹ මහ නගර සභාවෙන් යොදා තිබෙනවා.

කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා පරිශ්‍රයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ 07 පිහිටි මෙම පුස්තකාලයේ එක් අංගයක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙක් සිදු වූ හානි පිළිබඳ ව මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

කෙසේවෙතත් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?