AFC Banner
Empty Ad
Empty Ad

මහා විහාරයේ කැණීම් කිරීමට බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ සහාය ?

මහා විහාරයේ කැණීම් කටයුතු බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලය සමග එක්ව ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් සිටින බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදී කර්තෘ සැමරුම් උත්සවයට එක්වෙමින්, ජනාධිපතිවරයා සඳහන් කළේ, අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය එකට මුණ ගැසෙන සන්ධිස්ථානයක බවයි.

‍ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර ආදී කර්තෘ සැමරුම් උත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ, සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති වැඩබලන උත්තරීතර මහානායක, අතිපූජ්‍ය කරගොඩ, උයන්ගොඩ, මෛත්‍රී මූර්ති මහානාහිමියන් සැමරුම් උත්සවයේ මුලසුන හොබවනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙම අවස්ථාවට එක්වුණා.

අමරපුර මහා නිකාය නියෝජනය කරන පාර්ශ්ව 22 හි සියලුම මහානායක හිමිවරුන්ට උපහාර පුද කිරීම, මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?