AFC Banner
Empty Ad
Empty Ad

චීන “යෝධයෙක්” පිලිපීන මු⁣හුදේ

චීනයේ විශාලතම වෙරළාරක්ෂක යාත්‍රාව දකුණු චීන මුහුදේ මැනිලා හි සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) නැංගුරම් ලා ඇති
බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය (PCG) ප්‍රකාශ කළා.

එය අසල්වැසියා බිය ගැන්වීමේ උපක්‍රමයක් බව සැලකෙනවා.

චීන වෙරළාරක්ෂක බලකායේ මීටර් 165ක් දිග ‘විශාල නෞකාව’ ජූලි 2 වන දින මැනිලා සිට නාවික සැතපුම් 200ක් සුවිශේෂී ආර්ථික කලාපය වෙත ඇතුළු වී ති⁣බෙනවා.

වොෂින්ටනය සහ කලාපීය සෙසු රටවල් කනස්සල්ලට පත් කරමින්, දකුණු චීන මුහුදේ සමහර දූපත්වල චීනය පුළුල් ඉඩම් ගොඩකිරීම් සිදු කරමින්, ගුවන් හමුදා සහ අනෙකුත් හමුදා පහසුකම් ගොඩනඟා තිබෙනවා.

ඩොලර් ට්‍රිලියන 3ක් වන වාර්ෂික නාවික වෙළඳාමේ ප්‍රධාන මාර්ගයක් වන දකුණු චීන මුහුදේ වැඩි ප්‍රමාණයකට චීනය හිමිකම් කියනවා.

බීජිං 2016 දී හේග් හි පිහිටි ස්ථිර බේරුම්කරණ අධිකරණයේ තීන්දුව ප්‍රතික්ෂේප කරන්නේ එහි පුළුල් සමුද්‍ර හිමිකම් සඳහා නීතිමය පදනමක් නොමැති බව පවසමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?