රාජ්‍ය සේවක වර්ජනය 100%ක් සාර්ථකයි – ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව ක්‍රියාත්මක කරන අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිටත් 100%ක් සාර්ථක බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.එම්.බී. බස්නායක පවසනවා.

මහනුවර දී අද (08) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට රට පුරා රාජ්‍ය සේවා සියල්ල අකර්මණ්‍ය වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් එහි වගකීම රජය විසින් භාරගත යුතු බවයි.

රාජ්‍ය පරිපාලන නිලධාරීන් සහ විධායක නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000 දීමනාව සියලුම රාජ්‍ය සේවකයන් වෙත ලබාදෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.

මේ හේතුවෙන් දිවයින පුරා බොහෝ රාජ්‍ය ආයතනවලට සේවාවන් ලබාගැනීම සඳහා පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි අප ප්‍රදේශයේ වාර්තාකරුවන් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51