AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවක වර්ජනය 100%ක් සාර්ථකයි – ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව ක්‍රියාත්මක කරන අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිටත් 100%ක් සාර්ථක බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.එම්.බී. බස්නායක පවසනවා.

මහනුවර දී අද (08) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට රට පුරා රාජ්‍ය සේවා සියල්ල අකර්මණ්‍ය වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් එහි වගකීම රජය විසින් භාරගත යුතු බවයි.

රාජ්‍ය පරිපාලන නිලධාරීන් සහ විධායක නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000 දීමනාව සියලුම රාජ්‍ය සේවකයන් වෙත ලබාදෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.

මේ හේතුවෙන් දිවයින පුරා බොහෝ රාජ්‍ය ආයතනවලට සේවාවන් ලබාගැනීම සඳහා පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි අප ප්‍රදේශයේ වාර්තාකරුවන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?