ඉන්දීය ටෙස්ට් සහ එක්දින නායකත්වය ගැන ජේ ෂාගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායමේ නායකත්ව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

නිල එක්ස් ගිණුමට වීඩියෝවක් එක්කරමින් ජේ ෂා මේ බව සඳහන් කර ඇති ආකාරය දැකගත හැකියි.

එහිදී ඔහු සඳහන් කරන්නේ ලබන වසරේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සහ ශූරයින්ගේ කුසලානය ද දිනා ගැනීමට රෝහිත් ශර්මාගේ නායකත්වය කෙරෙහි විශ්වාසය තබන බවයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව බාබඩෝස් හි පැවති 20-20 අවසන් මහා තරගයේ දී ශූරතාව ගැනීමෙන් පසු විස්සයි විස්ස තරඟවලින් විශ්‍රාම යන බව නිවේදනය කළ රෝහිත්, විරාත් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජා සහ පුහුණුකරු තනතුරින් විශ්‍රාම යන රාහුල් ඩ්‍රාවිඩ්ට සුබ පැතුම් එක්කරන්නට ද ජේ ෂා මෙහිදී කටයුතු කර තිබුණා.

“මෙම ජයග්‍රහණයෙන් පසු මීළඟ අදියර වන්නේ 2025 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සහ ශූරයින්ගේ කුසලානයයි. රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් තරගාවලි දෙකම අපි ජයග්‍රහණය කරන බව මට ඇත්තෙන්ම විශ්වාසයි. නැවත වරක් ඔබ සැමට ස්තූතියි.” යනුවෙන් ජේ ෂා අදාළ වීඩියෝව මඟින් වැඩිදුරටත් සඳහන් කරනවා.

විස්සයි විස්ස තරග ආකෘතියෙන් රෝහිත් ශර්මා විශ්‍රාම යාමත් සමඟ ඉන්දීය 20-20 කණ්ඩායමට නිත්‍ය නායකයෙක් පත්කර ගැනීමට මේ වනවිට සිදුව තිබෙනවා.

ඒ, සඳහා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

  1. අනේ මහත්වරුනේ වැඩිය හොඳයි නේද ලංකාවේ ක්‍රිකට් හදාගන්න ක්‍රමයක් හැදුවනම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14