AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ටෙස්ට් සහ එක්දින නායකත්වය ගැන ජේ ෂාගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායමේ නායකත්ව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

නිල එක්ස් ගිණුමට වීඩියෝවක් එක්කරමින් ජේ ෂා මේ බව සඳහන් කර ඇති ආකාරය දැකගත හැකියි.

එහිදී ඔහු සඳහන් කරන්නේ ලබන වසරේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සහ ශූරයින්ගේ කුසලානය ද දිනා ගැනීමට රෝහිත් ශර්මාගේ නායකත්වය කෙරෙහි විශ්වාසය තබන බවයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව බාබඩෝස් හි පැවති 20-20 අවසන් මහා තරගයේ දී ශූරතාව ගැනීමෙන් පසු විස්සයි විස්ස තරඟවලින් විශ්‍රාම යන බව නිවේදනය කළ රෝහිත්, විරාත් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජා සහ පුහුණුකරු තනතුරින් විශ්‍රාම යන රාහුල් ඩ්‍රාවිඩ්ට සුබ පැතුම් එක්කරන්නට ද ජේ ෂා මෙහිදී කටයුතු කර තිබුණා.

“මෙම ජයග්‍රහණයෙන් පසු මීළඟ අදියර වන්නේ 2025 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සහ ශූරයින්ගේ කුසලානයයි. රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් තරගාවලි දෙකම අපි ජයග්‍රහණය කරන බව මට ඇත්තෙන්ම විශ්වාසයි. නැවත වරක් ඔබ සැමට ස්තූතියි.” යනුවෙන් ජේ ෂා අදාළ වීඩියෝව මඟින් වැඩිදුරටත් සඳහන් කරනවා.

විස්සයි විස්ස තරග ආකෘතියෙන් රෝහිත් ශර්මා විශ්‍රාම යාමත් සමඟ ඉන්දීය 20-20 කණ්ඩායමට නිත්‍ය නායකයෙක් පත්කර ගැනීමට මේ වනවිට සිදුව තිබෙනවා.

ඒ, සඳහා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
15
+1
1
+1
3
+1
7
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?