AFC Banner
Empty Ad
Empty Ad

ජැෆ්නා රජවරුන්ගෙන් ගෝල් මාවලස් පිළට ඇරයුමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (05) රාත්‍රියේ පැවැත් වෙනවා.

ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාවලස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගෝල් මාවලස් කණ්ඩායමට ලබා දීමටයි.

මේ දක්වා පැවති තරගවල දී තමන් මුහුණදුන් තරග දෙකම ජයගෙන සිටින ගෝල් මාවලස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ දක්වා තරග දෙකකට සහභාගී වී ඉන් එක් තරගයක් ජයගෙන සිටිනවා.

අද තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනව අතර, මෙම ක්‍රීඩාංගනයේ දී තරගාවලියේ තරග 09ක් පැවැත්වීමට නියමිතයි.

මීට පෙර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරගාවලියේ මූලික වටයේ පළමු තරග 05 පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?