AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ 121 දෙනෙකුට මරු කැඳවූ උත්සවයේ සංවිධායකයින් 06 දෙනෙකු අත්අඩංගුවට

උතුරු ඉන්දියාවේ දිල්ලියට ගිනිකොණ දෙසින් පිහිටි හත්‍රාස් ගම්මානයේ ශිව දේව මංගල්‍යයකට එක් ව සිටි බැතිමතුන් පිරිසක් තෙරපීමෙන් ඉන් පුද්ගලයින් 121 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දීය පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම පෙරේදා (02) දිනයේ දී සිදු වූ අතර, එම සිදුවීමෙන් මුල් අවස්ථාවේ දී වාර්තා වූයේ පුද්ගල මරණ 27ක් පමණයි.

පසුව එම ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල් ආරංචි මාර්ග වාර්තා කළ පරිදි දේව වන්දනයෙන් තෙරපීමට ලක් ව මියගිය ගණන 60 දක්වා ඉහළ ගියා.

සිදුවීම සිදු ව 24 පැයක් ගත වන විට පුද්ගලයින් 1214 දෙනෙකුගේ මළ සිරුරු රෝහල් පරිශ්‍රයන් වෙත ලැබුණු බවත්, තවත් විශාල ප්‍රමාණයක් හුස්ම ගැනීමේ අපහසුතා සහ බරපතළ තුවාල සහිත ව ප්‍රතිකාර වෙනුවෙන් රෝහල්ගත කළ බව ද ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කළා.

හත්‍රාස් නමැති ගම්මානයේ ශිව දෙවියන් වෙනුවෙන් විශේෂ සංස්කෘතික උත්සවය්ක් පවත්වා ඇත්තේ තාවකාලික ව අටවා ගත් කූඩාරම් පරිශ්‍රයක් තුළ බවයි වාර්තා වූයේ.

එම ස්ථානයට උපරිම ඇතුල් විය හැක්කේ 5000ක පමණ බැතිමතුන් සංඛ්‍යාවකට වුව ද, එම අවස්ථාවේ දී බැතිමතුන් 15000ක පමණ අතිවිශාල සංඛ්‍යාවක් පූජාවට එක් ව සිට තිබෙනවා.

මෙම බැතිමතුන් 121 දෙනා ජීවිතක්ෂයට පත් ව ඇත්තේ දේව පූජාව අවසන් කර යළි ඉන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමේ දී යි.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙවැනි ජන පීඩක අවදානම් උත්සවයක් ප්‍රමිතියකින් තොර ව සහ අවිධිමත් සංවිධානය කළ සංවිධායක මණ්ඩලයේ හයදෙනෙකු මේ වනවිට වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අත් අඩංගුවට ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුවට නැවතත් - බල්ටියක් ගහන්න යන රෝහිත / අපි කොහොමහරි රනිල්ව දිනවනවා
02:16
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
03:49
Video thumbnail
DJ මොකට ද? - කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ
01:37
Video thumbnail
මට දුන්න වාහන හැමතිස්සෙම කැඩිලා - ඩයනා කට අරී - අම්මෝ සද්දේ
00:45
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17

?