ඉන්දියාවේ 121 දෙනෙකුට මරු කැඳවූ උත්සවයේ සංවිධායකයින් 06 දෙනෙකු අත්අඩංගුවට

උතුරු ඉන්දියාවේ දිල්ලියට ගිනිකොණ දෙසින් පිහිටි හත්‍රාස් ගම්මානයේ ශිව දේව මංගල්‍යයකට එක් ව සිටි බැතිමතුන් පිරිසක් තෙරපීමෙන් ඉන් පුද්ගලයින් 121 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දීය පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම පෙරේදා (02) දිනයේ දී සිදු වූ අතර, එම සිදුවීමෙන් මුල් අවස්ථාවේ දී වාර්තා වූයේ පුද්ගල මරණ 27ක් පමණයි.

පසුව එම ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල් ආරංචි මාර්ග වාර්තා කළ පරිදි දේව වන්දනයෙන් තෙරපීමට ලක් ව මියගිය ගණන 60 දක්වා ඉහළ ගියා.

සිදුවීම සිදු ව 24 පැයක් ගත වන විට පුද්ගලයින් 1214 දෙනෙකුගේ මළ සිරුරු රෝහල් පරිශ්‍රයන් වෙත ලැබුණු බවත්, තවත් විශාල ප්‍රමාණයක් හුස්ම ගැනීමේ අපහසුතා සහ බරපතළ තුවාල සහිත ව ප්‍රතිකාර වෙනුවෙන් රෝහල්ගත කළ බව ද ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කළා.

හත්‍රාස් නමැති ගම්මානයේ ශිව දෙවියන් වෙනුවෙන් විශේෂ සංස්කෘතික උත්සවය්ක් පවත්වා ඇත්තේ තාවකාලික ව අටවා ගත් කූඩාරම් පරිශ්‍රයක් තුළ බවයි වාර්තා වූයේ.

එම ස්ථානයට උපරිම ඇතුල් විය හැක්කේ 5000ක පමණ බැතිමතුන් සංඛ්‍යාවකට වුව ද, එම අවස්ථාවේ දී බැතිමතුන් 15000ක පමණ අතිවිශාල සංඛ්‍යාවක් පූජාවට එක් ව සිට තිබෙනවා.

මෙම බැතිමතුන් 121 දෙනා ජීවිතක්ෂයට පත් ව ඇත්තේ දේව පූජාව අවසන් කර යළි ඉන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමේ දී යි.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙවැනි ජන පීඩක අවදානම් උත්සවයක් ප්‍රමිතියකින් තොර ව සහ අවිධිමත් සංවිධානය කළ සංවිධායක මණ්ඩලයේ හයදෙනෙකු මේ වනවිට වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අත් අඩංගුවට ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57
Video thumbnail
මේ මනුස්සයා Highway Wrong Side යන හැටි..මෙහෙම මිනිස්සු නිසා තමයි අනතුරු වෙන්නේ..
00:55
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46