ඔෂිනි ලෝක චෙස් කුසලානයේ තෙවැනි තැන හිමිකර ගනියි

ජාත්‍යන්තර චෙස් සම්මේලනය (FIDE – U12) මගින් පවත්වන ලද වයස අවුරුදු 8-12ත් තරගාවලියේ සිය මංගල තරගයට එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන 12න් පහළ බාලිකා අංශයේ 03 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

ඔෂිනි මෙම ජයග්‍රහණය වාර්තා කළේ සිය දෙවැනි වටයේ දී ක්‍රිස්ටිනා සවීවා ව දෙවරක් පරදවමින් මෙරටට විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරදෙමින්.

වයස අවුරුදු 12න් පහළ තරගාවලිය මෙවර ජෝර්ජියාවේ බටුමි නගරයේ දී පැවැත්වුණේ වයස් කාණ්ඩ 03ක් යටතේ රටවල් 38ක් නියෝජනය කරමින්.

ඊට චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 286ක් එක් ව සිටියා.

අවසාන ශ්‍රේණිගත කිරීම් තීරණය කිරීම සඳහා එක් එක් කාණ්ඩයේ ක්‍රීඩකයින් එකිනෙකා සමග තරග කරමින් එකම ස්ථානයේ සිටින ක්‍රීඩකයින් සමඟ සෑම කාණ්ඩයක් ම කණ්ඩායම් 2කට බෙදුණු අතර වයස අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩයේ B කාණ්ඩයට තේරී පත් වූ ඔෂිනි ඇයගේ පළමු තරග 5 ම ජයගත් එම කාණ්ඩයේ මුල් ම ඉදිරිපෙළ ක්‍රීඩිකාව ද බවට පත් වුණා.

ඔෂිනි මීට පෙර ඊජිප්තුවේ පැවති FIDE ලෝක ශිෂ්‍යභට ශූරතාවලියේ (U-12 බාලිකා) ප්‍රථම ස්ථානයට පත්වීම මෙන් ම, වයස 12 න් පහළ බාලිකා අංශයේ බටහිර ආසියානු 12 න් පහළ චෙස් වේගවත් ශූරතාව දිනා ගනිමින් ලෝක වේදිකාවට පිවිසි ක්‍රීඩිකාව ද වනවා.

මේ වසර අග දී පැවැත්වෙන ලොව විශාලතම කණ්ඩායම් චෙස් ශූරතාවලිය වන චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට ද ඔෂිනි ගුණවර්ධන තේරී පත් ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38