මහල් නිවාස සංකීර්ණයකින් පහළට වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ සිරුරු ජාතික රෝහලේ

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලකින් පහළට වැටී පාසල් සිසුවියක් සහ සිසුවෙකු මියගොස් තිබෙනවා.

මොවුන් දෙදෙනා වයස අවුරුදු 15 හැවිරිදි වියේ පසු වූ අය බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිසුවා සහ සිසුවිය සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් පහළට වැටී ඇති බව සඳහන්.

ඊයේ (02) පස්වරුවේ මොවුන් දෙදෙනා මෙලෙස නිවාස සංකීර්ණයෙන් පහළට වැටී ඇති අතර, මේ වනවිට මෘත ශරීර දෙක ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?