සිගරට්වලට ඔස්ට්‍රෙලියාවෙන් නව සීමා පැනවෙයි

නිකොටින් සහිත වාෂ්ප හෙවත් ඉලෙක්ට්‍රොනික සිගරට් ඖෂධ සැල් මගින් විකිණීමේ දී නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

දැඩි වාෂ්ප විරෝධී නීති කිහිපයක් හඳුන්වා දෙමින් ඉලෙක්ට්‍රොනික සිගරට් මිල දී ගැනීම තවදුරටත් දුෂ්කර කිරීමටයි ඔස්ට්‍රේලියාව මේ මගින් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික සිගරට් මිල දී ගැනීමේ දී ඖෂධවේදියෙකු වෙත බලයලත් වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුව ඉදිරිපත් කිරීම අනිවාර්‍යය වනවා.

මින් ඉදිරියට ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන්නන්ට රස තේරීම් තුනක් පමණක් ඇති අතර එය මින්ට්, මෙන්තෝල් සහ දුම්කොළ රසට සීමා වනවා.

මේ වන විටත් රටවල් විශාල සංඛ්‍යාවක් ඉවත දැමිය හැකි ඉලෙක්ට්‍රොනික සිගරට් තහනම් කර ඇති නමුත් වෙළඳසැල්, සේවා ස්ථාන සහ අනෙකුත් කුඩා සිල්ලර වෙළෙන්දන් හරහා ඉලෙක්ට්‍රොනික සිගරට් විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු රජය පමණක් බව සඳහන්.

වර්ණවත් වෙළඳනාම සහ විවිධ රසයන් සමගින් එන ඉලෙක්ට්‍රොනික සිගරට්හි අවසානය ළමයින්
නිකොටින්වලට ඇබ්බැහි කරවීම බවත්, එම උපක්‍රමය අවහිර කිරීමට තම රජයට හැකියාව ලැබෙන බවත් ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14