AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයෙක් පිළිස්සී මියයාමේ සිද්ධියකට අනියම් බිරිඳ අත්අඩංගුවට

ගිනි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදන්කේණි පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

පසුගිය ජුනි මස 20 වනදා මරදන්කේණි පොලිස් වසමේ උතුරු තාලයඩි ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයෙක් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.

මෙලෙස මරදන්කේණි රෝහලට ඇතුළත් කර තිබුණේ වයස අවුරුදු 43ක පුද්ගලයෙක්.

එලෙස මරදන්කේණි රෝහලට ඇතුළත් කළ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් පේදුරුතුඩුව රෝහලටත් පසුව යාපනය ශික්ෂණ රෝහලටත් මාරුකර යවා තිබුණා.

එලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පොලිසිය මේ සම්බධයෙන් විමර්ශන අරඹනු ලැබුවා.

එහිදී එම පුද්ගලයා ගිනිතබා ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒ අනුවයි සැකපිට අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?