AFC Banner
Empty Ad
Empty Ad

සැමියා සමඟ වීඩියෝ කෝල් එකේ සිටිය දී බිරිඳ ගෙළ වැළලාගෙන

යාපනය, ආනෙයිකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගෙළ වැළලාගැනීමෙන් අනතුරුව බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසු වූ නිලාජිනි ලලිතා නමැති කාන්තාවක්.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ස්විස්ටර්ලන්තයේ ජීවත්වන අතර, එම කාන්තාව පසුගිය 24 වනදා සැමියා සමඟ වීඩියෝ ඇමතුමක් හරහා සම්බන්ධව සිටින අවස්ථාවේ දී මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අවස්ථාවේදී ම ස්වාමිපුරුෂයා විසින් අසල්වාසීන්ට දැනුම්දී ඇති අතර, අසල්වාසීන් පැමිණ කාන්තාව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම කාන්තාව ඊයේ මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව සැමියා සමඟ වීඩියෝ දුරකථන ඇමතුම හරහා සම්බන්ධ වී ඇති අවස්ථාවේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසු ඇය මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?