සුප්‍රීම් රේඩියෝවේ පර්යේෂණ විකාශන කටයුතු අද (01) නිල වශයෙන් ආරම්භ වුණා.
එය මෙරට විද්‍යුත් මාධ්‍ය අවකාශයට එක්වන සුප්‍රීම් මීඩියා නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ නවතම සාමාජිකයායි.
එෆ්. එම් 89.1 සහ එෆ්. එම් 89.3 ඔස්සේ අද සිට විසුරුවා හැරෙන සුප්‍රීම් රේඩියෝවේ පර්යේෂණ විකාශනයේ කටයුතු අද සුබ මොහොතින් ආරම්භ කෙරුණේ මහා සංඝ රත්නයේ සෙත් පිරිත් ආශිර්වාදය මධ්‍යයේයි.
විකාශන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන අසේල රණතුංගගේ අධ්‍යක්ෂ ධුරයෙන් මෙහෙයවෙන සුප්‍රීම් රේඩියෝව, මෙරට ශ්‍රාවකයා නැවුම් සමාජ සංවාදයක කොටස්කරුවන් කරගනිමින් නවතම ගුවන් විදුලි අත්දැකීමක් මෙරට සමාජයට හඳුන්වා දීමට සූදානම්.














ලොවේ දසත ගී රාවය පැතිරේ වා
හරබර වැඩසටහන් නිති ඇසේ වා
සුප්‍රිම් නමත් ලොවදසදෙස පැතිරේවා
අද මේ ඇරබි මග ජයජය ජය වේවා
සෙනෙවිරත්න යකුපිටිය.මොරටුව.
ඔබෙගීරාවෙ ලොව දසදෙස පැතිරේවා.
හරබරකමත් එහි හැමවිට ගැබ් වේවා.
සුප්‍රිම් කියන නම තැනතැන රැව් දේවා.
දිගු ගමනක් යන්න ජය ජයජය වේවා.