දසත සිසාරා විහිදුවන සුප්‍රීම් රේඩියෝවේ පර්යේෂණ විකාශනය ඇරඹෙයි (වීඩියෝ)

සුප්‍රීම් රේඩියෝවේ පර්යේෂණ විකාශන කටයුතු අද (01) නිල වශයෙන් ආරම්භ වුණා.

එය මෙරට විද්‍යුත් මාධ්‍ය අවකාශයට එක්වන සුප්‍රීම් මීඩියා නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ නවතම සාමාජිකයායි.

එෆ්. එම් 89.1 සහ එෆ්. එම් 89.3 ඔස්සේ අද සිට විසුරුවා හැරෙන සුප්‍රීම් රේඩියෝවේ පර්යේෂණ විකාශනයේ කටයුතු අද සුබ මොහොතින් ආරම්භ කෙරුණේ මහා සංඝ රත්නයේ සෙත් පිරිත් ආශිර්වාදය මධ්‍යයේයි.

විකාශන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන අසේල රණතුංගගේ අධ්‍යක්ෂ ධුරයෙන් මෙහෙයවෙන සුප්‍රීම් රේඩියෝව, මෙරට ශ්‍රාවකයා නැවුම් සමාජ සංවාදයක කොටස්කරුවන් කරගනිමින් නවතම ගුවන් විදුලි අත්දැකීමක් මෙරට සමාජයට හඳුන්වා දීමට සූදානම්.

  1. ලොවේ දසත ගී රාවය පැතිරේ වා
    හරබර වැඩසටහන් නිති ඇසේ වා
    සුප්‍රිම් නමත් ලොවදසදෙස පැතිරේවා
    අද මේ ඇරබි මග ජයජය ජය වේවා

    සෙනෙවිරත්න යකුපිටිය.මොරටුව.

  2. ඔබෙගීරාවෙ ලොව දසදෙස පැතිරේවා.
    හරබරකමත් එහි හැමවිට ගැබ් වේවා.
    සුප්‍රිම් කියන නම තැනතැන රැව් දේවා.
    දිගු ගමනක් යන්න ජය ජයජය වේවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37