logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ප්‍රංශ මැතිවරණයෙන් මැක්‍රෝන් පසුපසට ඇද වැටෙයි

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේ දී එරට අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය පෙරමුණ ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (31) පැවති මැතිවරණයේ පළමු වටයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත් වීමත් සමග පක්ෂයේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නගමින් ජයග්‍රහණය සමරන ආකාරය දක්නට ලැබුණා.

සමස්ත ඡන්දවලින් 33.2%ක් දිනා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත්ව ඇති අතර, වාමාංශික සන්ධානය 28.1%ක් දිනාගෙන සිටිනවා.

ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ සන්ධානය 21%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා පසුබැස ඇති බවයි ප්‍රතිඵල වාර්තා පෙන්නුම් කරන්නේ.

කෙසේ නමුත් ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයක පළමු වටයෙන් අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය මීට පෙර කිසි දිනක ජයග්‍රහණය කර නැහැ.

මැතිවරණය ජයග්‍රහණය කිරීමට ආසන 577කින් යුත් ජාතික සභාවේ ආසන 289ක බලය ලබා ගැනීම ප්‍රමාණවත්.

කිසිදු පක්ෂයක් මැතිවරණ ආසනවලින් 50%ක බලයක් දිනාගැනීමට අපොහොසත් වුවහොත් මැතිවරණයේ දෙවන වටය ක්‍රියාත්මක වන බැවින් මෙම ප්‍රතිඵලය යළි වෙනස් වෙනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හදිසි මැතිවරණයකට යෑමට තීරණය කර, පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ, යුරෝපා සංගම් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31
Video thumbnail
කොළඹ මහාධිකරණයෙන් කෙහෙළියට ලැබුණු නියෝගය
01:38
Video thumbnail
නිකවැරටියේ මාලිමාවේ ගොවි රැළිය
02:08
Video thumbnail
රෝහිත අබේගුණවර්ධන හෙට කරන්න යන අමුතු වැඩේ - "මම උඩුගම් බලා පීනපු කෙනෙක්"
10:09
Video thumbnail
සජිත්ගේ ස්මාර්ට් ගමන් මාර්ගය මෙන්න
01:49
Video thumbnail
TIN අංකයක් ඔබටත් තියනවාද?
01:35
Video thumbnail
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මහ බැංකු අධිපති කියන කතා
04:27
Video thumbnail
වෘත්තීය සමිතිවලින් ජනපතිට රතු එළියක්...#president #ranilwickremesinghe
06:10

?