ප්‍රංශ මැතිවරණයෙන් මැක්‍රෝන් පසුපසට ඇද වැටෙයි

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේ දී එරට අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය පෙරමුණ ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (31) පැවති මැතිවරණයේ පළමු වටයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත් වීමත් සමග පක්ෂයේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නගමින් ජයග්‍රහණය සමරන ආකාරය දක්නට ලැබුණා.

සමස්ත ඡන්දවලින් 33.2%ක් දිනා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත්ව ඇති අතර, වාමාංශික සන්ධානය 28.1%ක් දිනාගෙන සිටිනවා.

ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ සන්ධානය 21%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා පසුබැස ඇති බවයි ප්‍රතිඵල වාර්තා පෙන්නුම් කරන්නේ.

කෙසේ නමුත් ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයක පළමු වටයෙන් අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය මීට පෙර කිසි දිනක ජයග්‍රහණය කර නැහැ.

මැතිවරණය ජයග්‍රහණය කිරීමට ආසන 577කින් යුත් ජාතික සභාවේ ආසන 289ක බලය ලබා ගැනීම ප්‍රමාණවත්.

කිසිදු පක්ෂයක් මැතිවරණ ආසනවලින් 50%ක බලයක් දිනාගැනීමට අපොහොසත් වුවහොත් මැතිවරණයේ දෙවන වටය ක්‍රියාත්මක වන බැවින් මෙම ප්‍රතිඵලය යළි වෙනස් වෙනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හදිසි මැතිවරණයකට යෑමට තීරණය කර, පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ, යුරෝපා සංගම් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56