ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ද සහභාගීත්වයෙන් පැවති ‘එක්ව ජයගමු – අපි මාතර’ ජන රැළිය අමතමින් ඔහු මේ අදහස් පළ කළා.
”එක්ව ජයගමු අපි මාතර ජන රැළිය” මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
+1
+1
+1