logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස්වෙයි (වීඩියෝ)

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය කටයුතු කළා.

මෙම නව මිල සංශෝධනයට අනුව ඉන්ධන වර්ග 03ක මිල ගණන් පහත දමා ඇති අතර, ඉන්ධන වර්ග දෙකක මිල ගණන්වල වෙනසක් වන්නේ නැහැ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව සයිනොපෙක් මිල ගණන් ද සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකළ මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11.00කින් පහත දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 344.00ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41.00කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 379.00ක් වනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22.00කින් අඩුකර ඇති අතර එහි ලීටරයක නව මිල දැක්වෙනේ රුපියල් 355.00ක් ලෙසයි.

මේ අතර ඔටෝ ඩීසල් මිල සහ භූමිතෙල් මිලේ වෙනසක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?