AFC Banner
Empty Ad
Empty Ad

ඩෙවෝන් 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා වෙළෙඳ නැවකින් බේරාගනී (වීඩියෝ)

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටින ධීවරයින් දෙදෙනා බේරා ගැනීමට සිංගප්පුරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් සමත්ව තිබෙනවා.

එම වෙළෙඳ නෞකාව මේ වනවිට හම්බන්තොට දෙසට ධාවනය කරමින් පවතින බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර මෙම 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරා ගැනීමට ඊයේ (29) පස්වරුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව පිටත්ව ගියා.

ඒ, අනුව ධීවරයින් දෙදෙනා රැගෙන එන වෙළෙඳ නෞකාව සහ විජයබාහු නෞකාව මුණගැසීමෙන් පසු එම ධීවරයින් දෙදෙනාව විජයබාහු නෞකා වෙත භාර ගැනීමට කටයුතු කරන බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටි හය දෙනාගෙන් සිව්දෙනෙක් මේ වනවිය මියගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගත් වහාම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයෙන් ගමන් ගන්නා නාවික යාත්‍රා වෙත සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?