අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම්

රට තුළ අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ, ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව ඉදිරියේ දී සියලු ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදුකළ යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

තඹ, පිත්තල, ඇලුමිනියම්, චීනච්චට්ටි, සුදු යකඩ, හයිකාබන් වැනි සියලුම ලෝහ අපද්‍රව්‍ය, යකඩ ආශ්‍රිත උපකරණ හා අබලි ද්‍රව්‍ය අනීතික ලෙස අපනයනය කිරීම හේතුවෙන් රටට අහිමිවන විනිමය සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම තීරණය ගෙන තිබෙනවා.

ලෝහ ආශ්‍රිත අපනයන මොනවාද යන්න සොයා බලා අපනයනයට සුදුසු තත්ත්වයේ භාණ්ඩ හදුනාගැනීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අදාළ කටයුතු සූදානම්ක කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ, අනුව අමාත්‍යවරයා අවධාරණය කළේ,අනීතික අයුරින් සිදුකෙරෙන සියලු ප්‍රතිඅපනයන වළක්වන බවත්, ලෝහ හා යකඩ ආශ්‍රිත උපකරණ සහ අබලි ද්‍රව්‍ය ප්‍රතිඅපනයනයේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ යටතේ පමණක් ඒ සඳහා අවසර ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?