ඉන්දියාවේ තහනම් වූ ඔන්ලයින් සූදු ජාවාරම ශ්‍රී ලංකාවේ ජයටම කරලා (ඡායාරූප)

ඉන්දියාවේ තහනම් කළ ඔන්ලයින් සූදු ජාවාරමක් මෙරට තුළ පවත්වාගෙන ගිය ඉන්දීය ජාතිකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මෙම ඉන්දීය ජාතිකයින් පිරිස විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වුණේ.

මෙහිදී ඉන්දීය ජාතිකයින් 19 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාවාරම සිදුකරගෙන යෑමට භාවිත කළ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ ජංගම දුරකථන රැසක් විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මීගමුව – කොච්චිකඩේ පොලිස් වසමේ මඩම පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් දී තවත් ඉන්දීය ජාතිකයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම ලබාගෙන තිබූ මහල් ගොඩනැගිල්ලක trip solution private limited නමින් ආයතනයක් පවත්වාගෙන යමින් ඔවුන් ද මෙම ජාවාරම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී පරිගණක යන්ත්‍ර 62ක් ඇතුළු තවත් අමතර උපාංග රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 05ක මුදලක් මාසිකව කුලිය වශයෙන් ගෙවමින් අදාළ ගොඩනැඟිල්ල අශෝක කුමාර් නැමැති ඉන්දියන් ජාතිකයෙකු විසින් ලබාගෙන තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ තහනම් කළ ඔන්ලයින් සූදු ජාවාරමක් ශ්‍රී ලංකාව තුළ මෙලෙස ක්‍රියාත්මක කරගෙන ගොස් ඇති බවයි.

මේ අතර කොච්චිකඩේ පොලිස් වසමේ පිහිටි හෝටලයක් තුළ අන්තර්ජාල හරහා මුදල් වංචා සිදුකරන බවට සැක පෝවූන් ඉන්ෆෝ ටෙක් නමින් පවත්වාගෙන යනු ලබන ස්ථානයක් ද වටලා ඇති අතර, එහිදී විදේශිකයන් 54 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය සඳුදා දිනයේදී ද මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ පවත්වාගෙන ගිය අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකරගෙන ගිය ස්ථානයක් වටලා ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු සහ විදෙස් ජාතිකයින් 28ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01