ඉන්දියාවේ තහනම් වූ ඔන්ලයින් සූදු ජාවාරම ශ්‍රී ලංකාවේ ජයටම කරලා (ඡායාරූප)

ඉන්දියාවේ තහනම් කළ ඔන්ලයින් සූදු ජාවාරමක් මෙරට තුළ පවත්වාගෙන ගිය ඉන්දීය ජාතිකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මෙම ඉන්දීය ජාතිකයින් පිරිස විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වුණේ.

මෙහිදී ඉන්දීය ජාතිකයින් 19 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාවාරම සිදුකරගෙන යෑමට භාවිත කළ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ ජංගම දුරකථන රැසක් විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මීගමුව – කොච්චිකඩේ පොලිස් වසමේ මඩම පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් දී තවත් ඉන්දීය ජාතිකයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම ලබාගෙන තිබූ මහල් ගොඩනැගිල්ලක trip solution private limited නමින් ආයතනයක් පවත්වාගෙන යමින් ඔවුන් ද මෙම ජාවාරම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී පරිගණක යන්ත්‍ර 62ක් ඇතුළු තවත් අමතර උපාංග රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 05ක මුදලක් මාසිකව කුලිය වශයෙන් ගෙවමින් අදාළ ගොඩනැඟිල්ල අශෝක කුමාර් නැමැති ඉන්දියන් ජාතිකයෙකු විසින් ලබාගෙන තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ තහනම් කළ ඔන්ලයින් සූදු ජාවාරමක් ශ්‍රී ලංකාව තුළ මෙලෙස ක්‍රියාත්මක කරගෙන ගොස් ඇති බවයි.

මේ අතර කොච්චිකඩේ පොලිස් වසමේ පිහිටි හෝටලයක් තුළ අන්තර්ජාල හරහා මුදල් වංචා සිදුකරන බවට සැක පෝවූන් ඉන්ෆෝ ටෙක් නමින් පවත්වාගෙන යනු ලබන ස්ථානයක් ද වටලා ඇති අතර, එහිදී විදේශිකයන් 54 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය සඳුදා දිනයේදී ද මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ පවත්වාගෙන ගිය අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකරගෙන ගිය ස්ථානයක් වටලා ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු සහ විදෙස් ජාතිකයින් 28ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26