AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ධීවරයින් ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව තමිල්නාඩුවේ විරෝධතා

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට එරෙහි ව තමිල්නාඩු ධීවරයින් විරෝධතාවයේ නිරත වනවා.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා උතුරු මුහුදු තීරයේ දී නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි මෙම විරෝධය තමිල්නාඩු රාමේෂ්වරන් ධීවරයින්ගෙන් එල්ල වූයේ.

ඔවුන් ඊයේ (26) දින ධීවර කටයුතුවලින් ඉවත්ව මෙම විරෝධතාවේ නිරත වුණා.

මේ අතර ශ්‍රී ලංකා ධීවර සංගමයේ උතුරු පළාත් නියෝජිතයින් පිරිසක් ද ඊයේ දින යාපනය ‘මාධ්‍ය සමාජයේ’ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ උතුරේ ධීවරයින්ට කිසිවිටෙකත් ඉන්දීය ධීවරයින් සමග ගැටුමක් ඇතිකර ගැනීමට අනවශ්‍ය බවටත් ධීවර ගැටලුවට කඩිනම් විධිමත් විසඳුමක් අවශ්‍ය බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?