T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි

මෙවර පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව මීට ටික වේලාවකට (27) පෙර තේරී පත්වුණා.

ඒ ඇෆ්ගනිස්තානය කඩුලු 09කින් පරාජයට පත් කරමින්.

අද තරගය පැවැත්වුණේ Tarouba හි දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක රෂීඩ් ඛාන් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

නමුත් එම තීරණයෙන් උපරිම ප්‍රතිඵල ලබන්නට නම් ඇෆ්ගන් කණ්ඩායමට හැකි වූයේ නැහැ.

ඇෆ්ගනුන් පිතිකරුවන් සියල්ලම ලකුණු 10ටත් එකිනෙකා පිළිවෙළින් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය සමත් වුණා.

අෂ්මතුල්ලා ඕමර්සායිට පමණක් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10ක් ලබා ගැනීමට හැකි වූ අතර, පන්දුවාර 11ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 56ක පහසු ඉලක්කයක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඇෆ්ගනිස්තානයේ ලකුණු පුවරුවේ ලියැවී තිබුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණයට පන්දුවාර 20 ක් තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 57ක ඉලක්කයක් හිමි වුණා.

දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේ තවත් පන්දු 68ක් ඉතිරිව තිබියදියි.

ඒ අනුව දකුණු අප්‍රිකාව මෙවර T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තෙ තරගය කඩුලු 09කින් ජය ගනිමින්.

Fazalhaq Farooqi දකුණු අප්‍රිකාවෙන් එක් කඩුල්ලක් උදුරා ගත්තා.

තරගයේ වීරයා සම්මානය Marco Jansen දිනා ගත්තේ ලකුණු 16කට කඩුලු 03ක් බිඳ දැමීම හේතුවෙන්.

අද තරගය ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව ලෝක කුසලානයක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?