AFC Banner
Empty Ad
Empty Ad

දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියර පොවන්න හැදූ පියා අත්අඩංගුවට

තම දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු හුංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හුංගම, බටඅත ප්‍රදේශයේ පදිංචි සැකකාර පියා විසින් තම වයස අවුරුදු 06ක දියණියට මෙලෙස වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විදේශ ගතව සිටින බිරිඳ මුදල් නොඑවීම හේතුවෙන් කෝපයට පත්ව බිරිඳව බිය වැද්දවීමට මෙලෙස සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (25) අඟුණුකොළ පැලැස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
0
+1
1
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?