දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියර පොවන්න හැදූ පියා අත්අඩංගුවට

තම දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු හුංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හුංගම, බටඅත ප්‍රදේශයේ පදිංචි සැකකාර පියා විසින් තම වයස අවුරුදු 06ක දියණියට මෙලෙස වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විදේශ ගතව සිටින බිරිඳ මුදල් නොඑවීම හේතුවෙන් කෝපයට පත්ව බිරිඳව බිය වැද්දවීමට මෙලෙස සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (25) අඟුණුකොළ පැලැස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
0
+1
1
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු.."වැටිලා තියෙන්නේ දැන් රස්සාවත් එපා වෙනවා"
04:54
Video thumbnail
ගොවියා එනවා මහ පාරට - ගෝ හෝම්
16:21