AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ සිසුවා මුඛයට වෙඩි තබාගෙන මිය ගිහින්

උසස් පෙළ පාසල් සිසුවෙක් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි ගම්පොළ, ඇත්ගාල පොලිසිය පවසනවා.

අද (25) පෙරවරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ පාර, උලපනේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවූ සිසුවෙක්.

මෙම සිසුවා සිය කාමරය තුළ දී වෙඩි තබාගැනීම සිදුකරගෙන ඇති අතර, ඉන් ඔහුගේ හිසේ පසුපස කොටසට බරපතළ හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

පියා සතු මෙම ගිනි අවිය සඟවා තිබිය දී එය සොයාගෙන ඇති සිසුවා ඉන් මෙම වෙඩිතබා ගැනීම සිදුකරගෙන තිබූ බවයි පරීක්ෂණ පවත්වන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මහනුවර නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු වී තිබුණා.

නියමිත කාලයට වසරකට පෙර උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය සාර්ථක කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
0
+1
10
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?