ගෝනපීනුවල පොලිස් වසමේ සාමගම, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 76ක තැනැත්තියක් බවයි වාර්තා වුණේ.
ඝාතනයට ලක් වූ කාන්තාව අවිවාහක තැනැත්තියක් වන අතර, ඇය සිය සහෝදරයාගේ පුතා සමඟ වසර කිහිපයක සිට එම නිවසේ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව පොසොන් පොහොය දා සමාදන් වී යළි නිවසට පැමිණි පසු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ, අනුව පොලිසිය සැකපළ කරන්නේ පසුගිය 21 වන දින සවස් කාලයත් 23 වන දින උදෑසන කාලයත් අතර මෙම ඝාතනය සිදුව ඇති බවයි.
පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ඥාති පුත්‍රයා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
මෘත ශරීරය මේ වනවිට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.
ගෝනපීනුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.