ගෝනපීනුවල නිවසක කාන්තා ඝාතනයක් – ඥාති පුතා පැනගිහින්

ගෝනපීනුවල පොලිස් වසමේ සාමගම, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 76ක තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ කාන්තාව අවිවාහක තැනැත්තියක් වන අතර, ඇය සිය සහෝදරයාගේ පුතා සමඟ වසර කිහිපයක සිට එම නිවසේ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව පොසොන් පොහොය දා සමාදන් වී යළි නිවසට පැමිණි පසු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව පොලිසිය සැකපළ කරන්නේ පසුගිය 21 වන දින සවස් කාලයත් 23 වන දින උදෑසන කාලයත් අතර මෙම ඝාතනය සිදුව ඇති බවයි.

පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ඥාති පුත්‍රයා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

මෘත ශරීරය මේ වනවිට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

ගෝනපීනුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
2
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝ හෝම්.. වැඩ බැරි නම් බැහැලා යන්න
16:21
Video thumbnail
වෙනත් කෙනෙකුගේ QR එකකින් තෙල් ලබාගත්ත පුද්ගලයෙක් අත්අඩංගුවට..සාක්ෂි ඔක්කොම අපි ගාව තියෙනවා
01:48
Video thumbnail
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට
00:59
Video thumbnail
ආණ්ඩුව කොච්චර කයිය ගැහුවත් පොහොර නෑනේ
03:45
Video thumbnail
නාමල් - සජිත් එකතුවෙයි..?
06:46
Video thumbnail
බේරුවල ධීවර යාත්‍රාවලට ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව..දැනටනම් ප්‍රශ්නයක් නෑ - "කියන්න අනුර Fail කියලා"
03:01
Video thumbnail
යට ඇඳුමේ හිල වහගන්න ආපු ඇමතිවරු අපිට ලයිට් නිවන්න කියනවා
02:12
Video thumbnail
ආණ්ඩු බලය අපිට ලැබෙනවා - මාලිමාවට වැඩ වරදියි
02:06
Video thumbnail
දැන් මොනවහරි ක්‍රමයකින් රස්සා ගන්න ක්‍රමය නැවතිලා..මේක හැදුනේ අපේ ජන වරමෙන් තමයි
02:34
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන් 89 දෙනෙකුට රතු නිවේදන
09:13