AFC Banner
Empty Ad
Empty Ad

පරිපාලන සේවයේ නිලධාරීන් 25 සහ 26 ලෙඩවෙන්න සැරසෙයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සියලු විධායක සේවාවල නිලධාරීන් ලබන 25 සහ 26 යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

ලැබිය යුතු විධායක දීමනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකරන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළෙඹෙන බවයි එම සංගමය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බවත්, හෙට (24) දිනයේ දී රැස්වන අමාත්‍ය මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදෙන්නේ නම් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බවයි එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල පැවසුවේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට අයත් නිලධාරීන් 2500ක් පමණ සිටින බවත්, මේ සඳහා සාධනීය විසඳුමක් නොලැබුණොත් රජය ආයතන රැසක කටයුතු 25 සහ 26 දිනවල අකර්මන්‍ය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?