ඇෆ්ගනිස්ථානයට සුපිරි 08 වටයේ පෙරළිකාර ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථානය අද සමත් වුණා.

ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ඇෆ්ගනිස්ථානය මෙම තරගය ජය ගත්තේ ලකුණු 21කින්.

ඒ අනුව මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 තරග වටයේ ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණා.

ඇෆ්ගනිස්ථානය සුපිරි 08 දෙනාගේ තරග වටයේ සහභාගී වූ පළමු තරගය ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කිංග්ස්ටන් හිදී පැවති අද තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06 දැවී ලකුණු 148ක් රැස් කළා.

එහිදී මෙවර ලෝක කුසලානයේ දෙවන කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස්ට හැකි වූ අතර, ඔහු පිට පිට වාර්තා කළ දෙවන කඩුලු ත්‍රිත්වය මෙයවීම ද විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 60ක් සහ ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 51ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු ඕස්ට්‍ර්ලියාවට පන්දුවාර 19යි පන්දු 02ක් තුළ ලබාගැනීමට හැකි වුයේ ලකුණු 127ක් පමණයි.

ඕස්ට්‍ර්ලියානු ජයග්‍රහණය කරා රැගෙන යාමට සටහන නිරත වූ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 51ක් රැස්කළ අතර, අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක වීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

මෙම තරගයේ දී ඕස්ට්‍ර්ලියානු පික්තිකරුවන් මැඬ පැවැත්වීමට පන්දු යවන්නන් 08 දෙනෙක් යොදා ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා කටයුතු කිරීම විශේෂත්වයක්.

මෙහිදී ගුල්බඩින් නයිබ් සිය පන්දුවාර 04 තුළ ලකුණු 20ක් පමණක් ලබා දී කඩුලු 04ක් බිඳ දැමූ අතර, නවීන් උල්-හක් ලකුණු 20කට ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගයෙන් ඇෆ්ගනිස්ථානය ලකුණු 21ක පෙරළිකාර ජයක් හිමි වුණා.

ඇෆ්ගනිස්ථානය විසින් ජාත්‍යන්තර 20-20 තරගයක දී ඕස්ට්‍රේලියව පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?