ඇෆ්ගනිස්ථානයට සුපිරි 08 වටයේ පෙරළිකාර ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථානය අද සමත් වුණා.

ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ඇෆ්ගනිස්ථානය මෙම තරගය ජය ගත්තේ ලකුණු 21කින්.

ඒ අනුව මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 තරග වටයේ ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණා.

ඇෆ්ගනිස්ථානය සුපිරි 08 දෙනාගේ තරග වටයේ සහභාගී වූ පළමු තරගය ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කිංග්ස්ටන් හිදී පැවති අද තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06 දැවී ලකුණු 148ක් රැස් කළා.

එහිදී මෙවර ලෝක කුසලානයේ දෙවන කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස්ට හැකි වූ අතර, ඔහු පිට පිට වාර්තා කළ දෙවන කඩුලු ත්‍රිත්වය මෙයවීම ද විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 60ක් සහ ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 51ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු ඕස්ට්‍ර්ලියාවට පන්දුවාර 19යි පන්දු 02ක් තුළ ලබාගැනීමට හැකි වුයේ ලකුණු 127ක් පමණයි.

ඕස්ට්‍ර්ලියානු ජයග්‍රහණය කරා රැගෙන යාමට සටහන නිරත වූ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 51ක් රැස්කළ අතර, අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක වීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

මෙම තරගයේ දී ඕස්ට්‍ර්ලියානු පික්තිකරුවන් මැඬ පැවැත්වීමට පන්දු යවන්නන් 08 දෙනෙක් යොදා ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා කටයුතු කිරීම විශේෂත්වයක්.

මෙහිදී ගුල්බඩින් නයිබ් සිය පන්දුවාර 04 තුළ ලකුණු 20ක් පමණක් ලබා දී කඩුලු 04ක් බිඳ දැමූ අතර, නවීන් උල්-හක් ලකුණු 20කට ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගයෙන් ඇෆ්ගනිස්ථානය ලකුණු 21ක පෙරළිකාර ජයක් හිමි වුණා.

ඇෆ්ගනිස්ථානය විසින් ජාත්‍යන්තර 20-20 තරගයක දී ඕස්ට්‍රේලියව පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04