AFC Banner
Empty Ad
Empty Ad

කමින්ස්ගෙන් 20-20 ලෝක කුසලාන පිටියේ වික්‍රමයක්

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවන කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස්ට අද හැකියාව ලැබුණා.

ඒ, සුපිරි 08 තරග වටයේ ඇෆ්ගනිස්ථානය සමඟ මේ වනවිට පැවැත්වෙන තරගයේ දීයි.

මෙවර ලෝක කුසලාන තරගයේ දී වාර්තා වූ පළමු කඩුලු ත්‍රිත්වයේ හිමිකරුවා බවට පත් වුණේ පැට් කමින්ස්වීම ද විශේෂත්වයක්.

මේ වනවිට පැවත්වෙන තරගයේ දී කමින්ස් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කරීම් ජනත්, රෂීඩ් ඛාන් සහ ගුල්බඩින් නයිබ්ගේ කඩුලු දවාගනිමින් කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පාන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 148ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

කිංග්ස්ටවුන් හිදී පැවැත්වෙන මෙම තරගයේ ඕස්ට්‍රේලියාව මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?