ජාත්‍යන්තර යෝගා දිනය උත්කර්ෂවත් ව සැමරේ (ඡායාරූප)

10 වැනි ජාත්‍යන්තර යෝගා දිනය (IDY) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ එහි සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය එක් ව අද (22) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී සමරනු ලැබුවා.

මෙවර එහි තේමාව ‘තමාට සහ සමාජය සඳහා යෝගා’ යන්නයි.

අද උදෑසන යෝගා ලෝලීන් සිය ගණනක් මේ අවස්ථාවට එක් ව සිට්යා.

ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා සමග විශේෂ ආරාධිතයන් ලෙස අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනේ පරිවේණාධිපති පූජ්‍ය ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේ විසින් බෞද්ධ ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු වැඩසටහන ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කීර්තිමත් යෝගා ආයතන 25ක ප්‍රවීණයන් විසින් යෝගා සහ භාවනාව පිළිබඳ පුනර්ජීවන සැසියක් පවත්වනු ලැබුවා.

මයුරපති ශ්‍රී භද්‍රකාලි විහාරස්ථානයේ දරු දැරියන් විසින් උසස් යෝග ප්‍රසංගයක් ඉදිරිපත් කළා.

ගාලු මුවදොර පිටියේ පැවති යෝග සැසිය රට පුරා සංවිධානය කරන ලද දින 10 ක යෝගා වැඩසටහන් මාලාවේ අවසන් අදියරයි.

මෙය හම්බන්තොට සහ යාපනය කොන්සල් කාර්යාල සහ මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද යෝගා ඉසව් 100ක් පමණ රට පුරා විවිධ ස්ථානවල දී පසුගිය කාලය පුරා පැවැත්වුණා.

කොළඹ ජාතික කෞතුකාගාරය, ජය ශ්‍රී මහා බෝධිය, සීගිරිය, රාවණා ඇල්ල, සීතා අම්මාන් විහාරය, ඩෙල්ෆ්ට් දූපත, ග්‍රෙගරි වැව, ගාලු කොටුව, යාපනය කොටුව, දෙවුන්දර ප්‍රදීපාගාරය ඇතුළු සුවිශේෂී වැදගත්කමක් ඇති ස්ථාන පසුබිම් කර ගනිමින් එම ඉසව් පැවැත්වුණා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2014 දී ඉන්දියාව විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව සෑම වසරක ම ජූනි 21 ‘ජාත්‍යන්තර යෝගා දිනය’ ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම යෝජනාවට රටවල් 170කට අධික සංඛ්‍යාවක් සහය පළ කළ අතර, ශ්‍රී ලංකාව යෝජනාවේ සම අනුග්‍රාහකයෙකු වුණා.

අද ලෝකයේ බොහෝ රටවල ද යෝග දින සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබුණා.

Jaffna Entrance 2 scaled
Dondra Lighthouse 1 scaled
11
05
03
01
Kandy Lake 2
Delft 2
KELANIYA RAJA MAHA VIHARAYA 2 scaled
Sigiriya scaled
Sigiriya 3 scaled
Colombo National Museum scaled
Lake Gregory Nuwara Eliya scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17