එංගලන්තයට කොදෙව්වන් පරදා ජය හිමිවෙයි

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ තරග වටයේ අද (20) පැවති දෙවැනි තරගය කඩුලු 08කින් ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය පැවැත්වුණේ Gros Islet හි දී වන අතර; තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ එංගලන්ත කණ්ඩායමේ Jos Buttler විසින්.

ඒ අනුව පළමු ව ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ වගකීම ප්‍රතිවාදී කොදෙව්වන්ගේ කර මතට පැටවුණා.

එම අභියෝගය භාරගත් කොදෙව් නායක Rovman Powell ඇතුළු සිය සගයන් එක් ව එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 180ක ඉලක්කයක් නිර්මාණය කළා.

Johnson Charles ලකුණු 38ක්, Nicholas Pooran සහ Rovman Powell ලකුණු 36 බැගින් රැස් කළා.

Sherfane Rutherford ගෙන් ලකුණු 28ක් ද එක් වුණු අතර බ්‍රෙන්ඩන් කින්ග් ලකුණු 23ක් සිය කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා.

කඩුලු බිඳ දැමීමේ දී Jofra Archer, Adil Rashid, Moeen Ali සහ Liam Livingstone එක්ව එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ජයග්‍රහණයට ලකුණු 181ක ඉලක්කයක් පසුපස හඹාගිය එංගලන්ත කණ්ඩායම සිය ජය වාර්තා කළේ කඩුලු 02ක් පමණක් දැවී සිටියදීයි.

Phil Salt පන්දු 47ක දී ලකුණු 87ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඊට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 07ක් ද ඇතුළත්.

Jonny Bairstow නොදැවී ලකුණු 48ක් ලබා ගත්තේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින්.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කොදෙව්වන් පරාජයට පත් කරමින් ඔවුන් සුපිරි තරග වටයේ ලද පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී ඇන්ඩෘ රසල් සහ රොස්ටන් චේස් හට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

තරගයේ වීරයා සම්මානය Phil Salt විසින් දිනා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16