AFC Banner
Empty Ad
Empty Ad

පොසොන් සතිය අද සිට – අනුරපුර ආරක්ෂාවට පොලිසියේ 4,500ක්

පොසොන් සතිය අදින් (18) ආරම්භ වනවා.

ඒ, අනුව අදින් ආරම්භ වන පොසොන් සතිය ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය සඳහන් කළා.

ඒ, අනුව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4,500ක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

මේ අතර අද (18) දිනයේ සිට පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ වනවා.

අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇති අතර, මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව එම මාර්ගයේ විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?