බත්වලට වඩා වැඩි ප්‍රෝටීන් ගුණයකින් යුත් ‘මස් බත්’ සොයාගැනේ

දකුණු කොරියාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් එක් ව නව දෙමුහුන් ආහාර වර්ගයක් සොයාගෙන තිබෙනවා.

BBC මාධ්‍ය වාර්තා කරන පරිදි එය ‘මස් බත්’ (Meaty Rice) නමින් හඳුන්වන්නකි.

මෙම නව නිෂ්පාදනය ප්‍රෝටීන් මනාවට ඇතුළත්, පරිසර හිතකාමී බත් විශේෂයක් බවත් වාර්තා වනවා.

මිනිස් ශරීරයට දැරිය හැකි ආකාරයේ ප්‍රෝටීන් ප්‍රමාණයක් මෙම නව නිෂ්පාදනයෙන් ලැබෙන බව ද දකුණු කොරියානු විද්‍යාඥයන් පවසනවා.

මෙම නව ආහාරය හරක් මස් උපයෝගී කර නිර්මාණය කර ඇත්තේ ධාන්‍යය ආකාරයෙන් ය.

එහි හරක් මස්වල මාංශ පේශී කොටස්, සෛල සහ මේදය අඩංගු බව ද වාර්තා වනවා.

සහල්වල මෙම හරක් මස් ද්‍රාවණය ආලේප කර එය සෛලවලට ඇලී සිටීමට උපකාරී වන අන්දමින් දින 11ක කාලයක් රසායනාගාර උෂ්ණත්වය යටතේ පෙට්‍රි දීසිවල බහා ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ.

පර්‍යේෂකයින් පවසන්නේ මෙම නව නිෂ්පාදනය අනාගතයේ දී සාගතයකට, යුද පෙරමුණක දී හමුදාවට සහ අභ්‍යවකාශ කටයුතු සඳහා උපයෝගී කරගත හැකි බවයි.

එය සාමාන්‍ය ජනතාව භාවිතා කරන ආකාරයේ වෙළෙඳපොළකට නිකුත් කළ හැකි දැයි යන්න සොයා බැලිය යුතු බව ද දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිස පවසනවා.

මෙම දෙමුහුන් සහල් ප්‍රභේදය සාමාන්‍ය සහල්වලට වඩා තරමක් තද බවකින් යුක්ත අතර, එය වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත බවට Matter සඟරාව ද වාර්තා කරනවා.

දකුණු කොරියාවේ යොන්සේ විශ්වවිද්‍යාලයේ පර්‍යේෂකයන්ට අනුව, එහි ප්‍රෝටීන් 8%ක්, මේදය 7% ක් සාමාන්‍ය සහල්වලට වඩා ඉහළ අගයක් ගන්නා බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
34
+1
59
+1
24
+1
7
+1
10
+1
10
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43