ශුබ්මන් ගිල් යළි ඉන්දියාවට එව්වේ විනය ගැටළුවක් නිසා ද ?

20-20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවක් වන ශුබ්මන් ගිල් විනය ගැටළුවක් හේතුවෙන් යළි ඉන්දියාව බලා පිටත්කර යැවීමට තීරණය කර ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.

කෙසේ වෙතත් එම පුවත ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර් සඳහන් කළේ.

මේ වනවිට ලෝක කුසලාන තරගවලියේ සුපිරි 08 දෙනාගේ වටය සඳහා තේරීපත්ව සිටින ඉන්දියාව සුපිරි 08 වටයේ තරග සඳහා ඇමරිකාවේ සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයට යෑමට නියමිතයි.

එලෙස කොදෙව් දේශයට යන ඉන්දීය සංචිතයේ සිටින අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනාගෙන් දෙදෙනක් පමණක් සුපිරි 08 දෙනාගේ තරග වටයට රැගෙන යාමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අනුව රින්කු සිං සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඛලීල් අහමඩ් පමණක් සුපිරි 08 තරග වටය වෙනුවෙන් ඉන්දීය සංචිතයේ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් ශුබ්මන් ගිල් සහ වේග පන්දු යවන ක්‍රීඩක අවේෂ් ඛාන් ඉන්දීය සංචිතයෙන් නිදහස් කිරීමට කටයුතු කළ බවයි වික්‍රම් රතෝර් පැවසුවේ.

ඒ, අනුව විනය ගැටළුවක් හේතුවෙන් ශුබ්මන් ගිල් ඉන්දියාවට එවීමට කටයුතු කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සත්‍ය බව වික්‍රම් රතෝර් වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39