නේපාලයේ ජයග්‍රහණය අවසන් මොහොතේ දකුණු අප්‍රිකාව උදුරාගනී

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නේපාලය සමඟ පැවති තරගයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (15) සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කිංග්ස්ටවුන් හිදී පැවති මෙම තරගය දකුණු අප්‍රිකාව ජයගත්තේ ලකුණු 01 කින්.

‘ඩී’ කාණ්ඩයේ තරගයක්වන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ප්‍රබල දකුණු අප්‍රිකානු ඉනිම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී තිබිය දී ලකුණු 116කට සීමා කරන්නට නේපාල පන්දු යවන්නට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 43ක් රැස්කළ අතර ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කුෂාල් බුර්ටෙල් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමු අතර, දීපේන්ද්‍ර සිං අයිරි කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 116ක ඉලක්කයක් හඹා යාමට නේපාලය පිටියට පිවිසියා.

එහිදී නේපාල ඉනිම වෙනුවෙන් ආසිෆ් ෂෙයික් ලකුණු 42ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර, අනිල් ෂා ලකුණු 27ක් රැස් කළා.

අවසානයේ නේපාලයට අවසන් පන්දුවාර තුළ තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 08ක ඉලක්කයක් හිමිව තිබුණා.

එම පන්දුවාර යැවීමේ වගකීම ඔට්නයිල් බාර්ට්මන්ට පැවරීමට නායක ඒඩන් මාක්‍රම් කටයුතු කළ අතර, අවසානයේ එම පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණු 02ක ඉලක්කයක් නේපාලයට හිමිව තිබුණා.

එහිදී පන්දුවට පහර දුන් ගුල්සන් ජා දුවද්දී දවාගැනීමට ලක්කර ගනිමින් දකුණු අප්‍රිකාව තියුණු සටනකින් පසු මෙම තරගය ජයග්‍රහණය කළා.

ඒ, අනුව නේපාල ඉනිම නියමිත පන්දුවාර 20 තුළ දැක්වුණේ කඩුලු 07කට ලකුණු 114ක් ලෙසයි.

මෙම ජයත් සමඟ දකුණු අප්‍රිකාව මුලික වටයේ සහභාගී වූ තරග සියල්ලම ජයගෙන අපරාජිතව සුපිරි 08 වටයට පිවිසියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23