මරු කැඳවූ රිය අනතුරකට වරදකරු වූ බස්රථ රියැදුරෙකු 13 වසරකට සිපිරිගෙට

පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් තවත් 25 දෙනෙකුට ආසන්න පිරිසක් ආබාධිතයින් බවට පත් වූ බස්රථ අනතුරක රියදුරෙකුට වසර 13කුත් මාස 03ක කාලයක් බරපතළ වැඩ සහිත ව සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙම නඩු තීන්දුව ඊයේ (13) පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුහන්දුරුගොඩ මහත්මිය විසින් නියම කරනු ලැබුවා.

තීන්දුවට අමතර ව රුපියල් 55,800ක දඩ මුදලක් ද විනිසුරුවරිය විත්තිකාර පාර්ශ්වය වෙත ගෙවන ලෙසට නියෝග කළා.

මෙලෙස මහාධිකරණයෙන් දඬුවම් නියම වූයේ පෞද්ගලික බස් රථයක රියදුරෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් ජිප්රි මොහොමඩ් වාහිල් නම් වූ 38 හැවිදිරි අයෙකුට යි.

හෙතෙම සිව්දරු පියෙක්.

2017 නොවැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී හලාවත – පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබුණා.

කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළී ගොස් මෙම අනතුර සිදු වූ අතර ඉන් සත් දෙනෙකුට දිවි අහිමි වුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

සැකකරුට එරෙහි ව මුන්දලම පොලීසියේ රථවාහන අංශය විසින් පුත්තලම දිසා අධිකරණයේ නඩු පවරා තිබූ අතර පසුව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබ නඩු විභාගය පුත්තලම මහාධිකරණය වෙත යොමු කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි සැකකරුට එරෙහි ව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

චූදිතට එරෙහි ව නීතිපතිවරයා විසින් චෝදනා 50ක් ගොනු කළ අතර සියලු ම චෝදනාවන්ට චුදිත ව වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරිය එක් එක් චෝදනා සඳහා වෙන වෙනම දඬුවම් ද නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04