අනවසර සංක්‍රමණිකයින් රැගත් කුඩා බෝට්ටුවක් පෙරළී 49ක් මරුට – 140 දෙනෙකු අතුරුදන්

අනවසර සංක්‍රමණිකයන් 260කට ආසන්න පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයේ වෙරළට ඔබ්බෙන් ගිලී යාමෙන් අනතුරට ලක් ව තිබෙනවා.

මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් තවත් 140 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණ ඒජන්සිය පවසන්නේ.

මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බවත් වාර්තා වනවා.

දිගු කලක් තිස්සේ සිය රටවල පවතින වාර්ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් දිවි බේරාගැනීමට පැමිණි ඉතියෝපියානු සහ සෝමාලියානු වැසියන් මෙම යත්‍රාවේ සිටි බවයි එම වාර්තා තහවුරු කර ඇත්තේ.

මෙම පිරිස, කිලෝමීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට ඇතුළුවීමට සැලසුම් කර තිබී ඇති අතර, එතැන් සිට සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමට ඔවුන් සැලසුම් කර තිබුණු බවට ද සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
16
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?