අනවසර සංක්‍රමණිකයින් රැගත් කුඩා බෝට්ටුවක් පෙරළී 49ක් මරුට – 140 දෙනෙකු අතුරුදන්

අනවසර සංක්‍රමණිකයන් 260කට ආසන්න පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයේ වෙරළට ඔබ්බෙන් ගිලී යාමෙන් අනතුරට ලක් ව තිබෙනවා.

මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් තවත් 140 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණ ඒජන්සිය පවසන්නේ.

මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බවත් වාර්තා වනවා.

දිගු කලක් තිස්සේ සිය රටවල පවතින වාර්ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් දිවි බේරාගැනීමට පැමිණි ඉතියෝපියානු සහ සෝමාලියානු වැසියන් මෙම යත්‍රාවේ සිටි බවයි එම වාර්තා තහවුරු කර ඇත්තේ.

මෙම පිරිස, කිලෝමීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට ඇතුළුවීමට සැලසුම් කර තිබී ඇති අතර, එතැන් සිට සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමට ඔවුන් සැලසුම් කර තිබුණු බවට ද සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51