ප්‍රදේශ දෙකක කාන්තා ඝාතන ද්විත්වයක්

ගෙවුණු පැය 24 තුළ ප්‍රදේශ දෙකක ඝාතන සිදු ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ වයස අවුරුදු 57ක් සහ 31 හැවිරිදි කාන්තාවක් සහ තරුණියක්.

හොරණ – මීවනපලාන ප්‍රදේශයේ සිය ඇඳෙහි නිදා සිටි කාන්තාවක් (57) මෙලෙස ඝාතනය වී තිබෙනවා.

මෙම සාහසික අපරාධයට ගොදුර ව ඇත්තේ හොරණ – මීවනපලාන, සිරිල්ටන් වත්ත ලිපිනයේ පදිංචි උඩකන්දගේ රමනි සකුන්තලා නමැති කාන්තාවක් බවයි හොරණ මූලස්ථාන පොලිසිය පවසන්නේ.

පොලිස් 119 හදිසි ඇමතුම් අංකයට අද (11) අලුයම ලද දූරකථන ඇමතුමක් ඔස්සේ මෙම කාන්තාවගේ මළසිරුර සොයාගැනුණා.

පොලිසිය පවසන්නේ ඝාතකයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සයනයෙහි නිදා සිටි මෙම කාන්තාවගේ ගෙල කඳින් වෙන් කර ඇති බවයි.

මියගිය කාන්තාව සහ ඇයගේ නැගනිය (52) පමණක් එම නිවසේ පදිංචි ව සිට තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ නැගණියගෙන් පොලිසිය සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව ඇත්තේ තමන් නිවසෙහි දොර අලුයම 1.40ට පමණ කිසිවෙකුගේ ඇමතුමකට විවෘත කළ බවත්, ඒ සමග ම පැමිණි නන්නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් සිය අත් දෙක සහ කට රෙදි පටිවලින් ගැට ගසා නිවසේ තම සොහොයුරිය නිදා සිටි කාමරය වෙත දිව ගිය බවයි.

සුළු වේලාවකට පසුව තම සහෝදරිය කෑගසනු ඇසුණු බවත්, තමන් කාමරයට ගොස් බලන විට ඇය ඝාතනය කර ඇති බවත් දක්නට ලැබුණු බව නැගණිය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

හොරණ අධිකරණ මහේස්ත්‍රාත් විසින් ස්ථානී පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා.

කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදු කළේ දැයි යන්න තවමත් හෙළි වී නැහැ.

මේ අතර තලාහේන ප්‍රදේශයේ දී ද තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද අලුයම හමු වී තිබෙනවා.

අද අලුයම් කාලයේ තලාහේන ප්‍රදේශයේ දී මෙම ඝාතනය පිළිබඳ ව පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි පැවසෙන්නේ.

තලංගම පොලිසියට මෙම පැමිණිල්ල ද සිදු කර ඇත්තේ එම ඝාතකයින් විසින් බවටත් පොලිසිය පවසනවා.

මාලඹේ – තලාහේන ප්‍රදේශයේ කුලී නිවසක මෙම තරුණිය සහ ඔහුගේ ස්වාමි පුරුෂයා පදිංචි ව ඇති අතර පසුගිය 06 වැනිදා ඇයගේ ස්වාමියා සමග සිදු වූ කතාබහ දුරදිග යාම හේතුවෙන් පසුව එම පුද්ගලයා සහ ඔහුගේ මිතුරෙකු විසින් තරුණියව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඝාතනය දින 05කට පෙර සිදු වූවක් බවටත් වාර්තා වනවා.

ඝාතනයට ලක් වූ තරුණිය මාලඹේ ප්‍රදේශයේ ම පදිංචි 31 හැවිරිදි තරුණියක්.

මේ අතර අද උදෑසන බත්තරමුල්ල ප්‍රදේශයේ ළැගුම්හලක වයස අවුරුදු 50 ක පමණ පිරිමි පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
9
+1
2
+1
1
+1
12
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?