ප්‍රදේශ දෙකක කාන්තා ඝාතන ද්විත්වයක්

ගෙවුණු පැය 24 තුළ ප්‍රදේශ දෙකක ඝාතන සිදු ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ වයස අවුරුදු 57ක් සහ 31 හැවිරිදි කාන්තාවක් සහ තරුණියක්.

හොරණ – මීවනපලාන ප්‍රදේශයේ සිය ඇඳෙහි නිදා සිටි කාන්තාවක් (57) මෙලෙස ඝාතනය වී තිබෙනවා.

මෙම සාහසික අපරාධයට ගොදුර ව ඇත්තේ හොරණ – මීවනපලාන, සිරිල්ටන් වත්ත ලිපිනයේ පදිංචි උඩකන්දගේ රමනි සකුන්තලා නමැති කාන්තාවක් බවයි හොරණ මූලස්ථාන පොලිසිය පවසන්නේ.

පොලිස් 119 හදිසි ඇමතුම් අංකයට අද (11) අලුයම ලද දූරකථන ඇමතුමක් ඔස්සේ මෙම කාන්තාවගේ මළසිරුර සොයාගැනුණා.

පොලිසිය පවසන්නේ ඝාතකයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සයනයෙහි නිදා සිටි මෙම කාන්තාවගේ ගෙල කඳින් වෙන් කර ඇති බවයි.

මියගිය කාන්තාව සහ ඇයගේ නැගනිය (52) පමණක් එම නිවසේ පදිංචි ව සිට තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ නැගණියගෙන් පොලිසිය සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව ඇත්තේ තමන් නිවසෙහි දොර අලුයම 1.40ට පමණ කිසිවෙකුගේ ඇමතුමකට විවෘත කළ බවත්, ඒ සමග ම පැමිණි නන්නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් සිය අත් දෙක සහ කට රෙදි පටිවලින් ගැට ගසා නිවසේ තම සොහොයුරිය නිදා සිටි කාමරය වෙත දිව ගිය බවයි.

සුළු වේලාවකට පසුව තම සහෝදරිය කෑගසනු ඇසුණු බවත්, තමන් කාමරයට ගොස් බලන විට ඇය ඝාතනය කර ඇති බවත් දක්නට ලැබුණු බව නැගණිය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

හොරණ අධිකරණ මහේස්ත්‍රාත් විසින් ස්ථානී පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා.

කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදු කළේ දැයි යන්න තවමත් හෙළි වී නැහැ.

මේ අතර තලාහේන ප්‍රදේශයේ දී ද තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද අලුයම හමු වී තිබෙනවා.

අද අලුයම් කාලයේ තලාහේන ප්‍රදේශයේ දී මෙම ඝාතනය පිළිබඳ ව පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි පැවසෙන්නේ.

තලංගම පොලිසියට මෙම පැමිණිල්ල ද සිදු කර ඇත්තේ එම ඝාතකයින් විසින් බවටත් පොලිසිය පවසනවා.

මාලඹේ – තලාහේන ප්‍රදේශයේ කුලී නිවසක මෙම තරුණිය සහ ඔහුගේ ස්වාමි පුරුෂයා පදිංචි ව ඇති අතර පසුගිය 06 වැනිදා ඇයගේ ස්වාමියා සමග සිදු වූ කතාබහ දුරදිග යාම හේතුවෙන් පසුව එම පුද්ගලයා සහ ඔහුගේ මිතුරෙකු විසින් තරුණියව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඝාතනය දින 05කට පෙර සිදු වූවක් බවටත් වාර්තා වනවා.

ඝාතනයට ලක් වූ තරුණිය මාලඹේ ප්‍රදේශයේ ම පදිංචි 31 හැවිරිදි තරුණියක්.

මේ අතර අද උදෑසන බත්තරමුල්ල ප්‍රදේශයේ ළැගුම්හලක වයස අවුරුදු 50 ක පමණ පිරිමි පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20