ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවලගේ අභාවයට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙස ගෝල්ඩන්කී සමාගමේ තැන්පත්කරුවෙක් වන ජූඩ් මාකෝ පෙරේරා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරාගෙන් ඊයේ (10) ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

කොතලාවල මහතා මියගිය වේලාවන් සම්බන්ධයෙන් තබා ඇති සටහන්වල ගැටලුසහගත තත්ත්වයක් පෙනෙන බැවින් ඒ පිළිබඳ ව පරීක්ෂා කර බැලීම සඳහා පොලිසිය හා අධිකරණය සතුව තිබෙන සාක්ෂි සටහන් තමන්ට ලබාදෙන ලෙසයි හෙතෙම අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එම මහතා මෝසමක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම අධිකරණයෙන් සිදු කළා.

අධිකරණය සතුව තිබෙන සාක්ෂි සටහන් එසේ ලබාදීමට හැකියාවක් නොමැති බව ද අදාළ සාක්ෂි සටහන් පොලිසියෙන් ලබා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ ඉල්ලීම් පොලිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෝසම ඉදිරිපත් කළ පාර්ශ්වයට දැනුම්දුන්නා.

එම සිද්ධිය ඊයේ මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී විභාගයට ගැනුණු අතර ඉදිරි නඩු වාරයේ දී එය විවෘත අධිකරණය හමුවේ කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මහේත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බම්බලපිටිය පොලිසියට නියෝග කළා.

කොතලාවල මහතාගේ මිය යෑම හෘදයාබාධයක් නිසා සිදු වූවක් බව අධිකරණ වෛද්‍යවරයා විසින් පෙර නඩු වාරයේ දී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොරට ගහපු කොල්ලා උඩින් බිමට වැටුණු හැටි
08:58
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34

?