ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවලගේ අභාවයට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙස ගෝල්ඩන්කී සමාගමේ තැන්පත්කරුවෙක් වන ජූඩ් මාකෝ පෙරේරා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරාගෙන් ඊයේ (10) ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

කොතලාවල මහතා මියගිය වේලාවන් සම්බන්ධයෙන් තබා ඇති සටහන්වල ගැටලුසහගත තත්ත්වයක් පෙනෙන බැවින් ඒ පිළිබඳ ව පරීක්ෂා කර බැලීම සඳහා පොලිසිය හා අධිකරණය සතුව තිබෙන සාක්ෂි සටහන් තමන්ට ලබාදෙන ලෙසයි හෙතෙම අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එම මහතා මෝසමක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම අධිකරණයෙන් සිදු කළා.

අධිකරණය සතුව තිබෙන සාක්ෂි සටහන් එසේ ලබාදීමට හැකියාවක් නොමැති බව ද අදාළ සාක්ෂි සටහන් පොලිසියෙන් ලබා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ ඉල්ලීම් පොලිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෝසම ඉදිරිපත් කළ පාර්ශ්වයට දැනුම්දුන්නා.

එම සිද්ධිය ඊයේ මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී විභාගයට ගැනුණු අතර ඉදිරි නඩු වාරයේ දී එය විවෘත අධිකරණය හමුවේ කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මහේත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බම්බලපිටිය පොලිසියට නියෝග කළා.

කොතලාවල මහතාගේ මිය යෑම හෘදයාබාධයක් නිසා සිදු වූවක් බව අධිකරණ වෛද්‍යවරයා විසින් පෙර නඩු වාරයේ දී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33