පොසොන් උත්සවයට අමතර CTB බස් 400ක්

මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන්න බැතිමතුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ගමනාගමන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් පැවසුවේ ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව පොසොන් මංගල්‍යය වෙනුවෙන් අමතර බස්රථ 400ක් යෙදවීමට කටයුතු කරන බවයි.

අනුරාධපුර ලංගම ප්‍රාදේශීය කාර්යාලයේදී අද (08) පැවති පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟ හැරීම සඳහා මීට පෙර වර්ෂවල දී පැවති පොසොන් උත්සව සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ වනවිට ක්‍රියාත්මක දුම්රිය රියදුරු වර්ජනය හමුවේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පිට ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන මගී ජනයා වෙනුවෙන් ප්‍රවාහන පහසුවන් සැලසීමට ද ලංගම කටයුතු කර ඇති බවත් සභාපතිවරයා මෙහි දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?